මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ කප සිටුවීම ලබන සිකුරාදා අලුයම
මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ කප සිටුවීමේ චාරිත්‍රයට අනුව අලුත් නුවර ශ්‍රී දැඩිමුණ්ඩ දේවාලයේ සිට මහනුවර විෂ්ණු දේවාලය දක්වා කප රැගෙන ඒමේ කටයුතු අද අලුයම ආරම්භ විය. කප රැගත් පෙරහර අද පස්වරු 03.00 ට පමණ විෂ්ණු දේවාල භූමියට පැමිණීමට නියමිතයි. එහිදී සිව් දේවාලවලට කප බෙදා දීම සිදු කෙරේ. ඇසල පෙරහර මංගල්‍යයේ කප සිටුවීමේ චාරිත්‍රය ලබන සිකුරාදා අලුයම සුබ මොහොතින් සිදු කිරීමට නියමිතය.
පළමු කුඹල් පෙරහර ලබන මස දෙවෙනිදා ආරම්භ වන අතර පළමු රන්දෝලි පෙරහර ලබන මස 7 වෙනිදා වීදි සංචාරය කරයි. පවතින අර්බුද හමුවේ පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීම සඳහා මේ වන විට පූර්ව සංවිධාන කටයුතු සිදු කෙරෙමින් පවතී.