ජනතා ගැටලුවලට විසදුම් සෙවීමේ වගකීම රජය භාරගෙන ඇතැයි සුසිල් ප්‍රේමජයන්ත ඇමතිවරයා කියයි’
ජනතාව මුහුණදී ඇති ගැටලුවලට විසදුම් සෙවීමේ වගකීම රජය භාරගෙන ඇතැයි ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි. එවැනි තත්ත්වයක් හමුවේ කලහකාරී හැසිරීම්වලින් සිදුවන්නේ ජාත්‍යන්තරයෙන් මෙරටට ලැබෙන ආධාර පමාවීම පමණි. රටේ අධ්‍යාපන පද්ධතිය මේ වනවිට සක්‍රිය කර තිබේ. පොහොර ගැටලුවටද විසදුම් ලැබී ඇත. රටේ තරුණ හඩට සවන්දීමට රජය සුදානම් බවද ඇමතිවරයා කියයි.