ගෝලීය ආහාර සුරක්ෂිතතාව ඇතුළු තවත් කරුණු රැසක් පිළිබඳව අමෙරිකාව සහ රුසියාව සාකච්ඡා කරයි
යුක්රේනයේ වත්මත් තත්වය පිළිබඳව අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් රුසියානු විදේශ අමාත්‍ය සර්ජී ලැව්රොව් සමග දුරකථන සංවාදයක යෙදුණේය. මෙහිදී රුසියානු විදේශ අමාත්‍යවරයා තම රටේ ප්‍රතිපත්තිමය ප්රවේශයන් අමෙරිකාවට පැහැදිලි කළේය.විශේෂ යුද මෙහෙයුම අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් සිදුකරන බවද ඔහු අවධාරණය කළේය. මෙම යුද්ධය නිසා ගෝලීය ආහාර සුරක්ෂිතතාවයට සිදුවන බලපෑම් සහ දෙරටේ ද්විපාර්ශවික සබඳතාවල ගැටලු පිළිබඳව සාකච්ඡා වී තිබේ.