පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනාගැනිමට බර ඉසිලිමේ ක්‍රිඩක ඩිලංක ඉසුරු කුමාර සමත්වෙයි

Share Button

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පදක්කම දිනාගැනිමට බර ඉසිලිමේ ක්‍රිඩක ඩිලංක ඉසුරු කුමාර අද සමත්විය. කිලෝ ග්රූම් 55 බර පන්තිය යටතේ තරග වැදුනු ඔහු එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේය. එහිදි ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105 ක බරක් එසවීමට සමත් වු අතර ක්ලිීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය යටතේ කිලෝ ග්‍රෑම් 120 ක බරක් ද සමග කිලෝ ග්‍රෑම් 225 ක සමස්ත බර එසවීමට සමත්විය. මෙම ඉසව්වේ රන් පදක්කම නව තරග වාර්තාවක් බිහි කළ මැලේසියානු ක්‍රිඩක මොහොමඩ් අනීක් දිනාගත් අතර රිදි පදක්කම ඉන්දියාවේ සන්කේත් මහාදේව්ට හිමිවිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.