ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර මංගලයයේ 3 වන දිනය අද
ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ ඇසළ පෙරහර මංගලයයේ 3 වන දිනය අදයි. පෙරහැර නැරඹීම සදහා ඊයේ විශාල පිරිසක් කතරගම පුද බිමට පැමිණ සිටි බව අප වාර්තාකරු කියයි. උඩරට. පහතරට. සබරගමුව හා රුහුණට ආවේණික නර්තන කණ්ඩායම්වලින්ද අලි ඇතුන් රැසකගෙන්ද පෙරහර අලංකාර වෙයි. සැකැ /22 39
ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනින් අද සාකච්ඡා කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිගරුක පුරවැසියා යන මාතෘකාවයි. ඇමති විජයදාස රාජපක්ෂ මහතා ඊට සහභාගි වෙයි. පෙරවරු 7.00 සිට 8.00 දක්වා සිංහල ස්වදේශීය සේවය ඔස්සේ එය ප්‍රචාරය කෙරේ. 91 යි දශම 7 හා 91 යි දශම 9 එෆ් එම් තරංග මාලා ඔස්සේ ඊට සවන් දිය හැකිය. දුරකතන අංක – 0112-68-24-11 සහ 012-68-94-28 ඔස්සේ ශ්‍රාවකයන්ට තම අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකිය.