ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවා මියගොස් අදට වසර 33 ක් සපිරෙයි

Share Button

දක්ෂ නිවේදකයෙකු හා ගීත රචකයෙකු වු ප්‍රේමකීර්ති ද අල්විස් කලාකරුවා මියගොස් අදට වසර 33 ක් සපිරෙයි. නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි පහරට ලක්ව 1989 ජුලි 31 වැනිදා රාත්‍රියේ ඔහු මරණයට පත් විය. කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවු ළමා පිටිය වැඩසටනට ළමා ගායකයෙකු ලෙස වයස අවුරුදු 12 දී සහභාගි වෙමින් ඔහු මුල් වරට ගුවන් විදුලිය සමග සම්බන්ධ විය. 1967 සහන නිවේදකයෙකු ලෙස ගුවන් විදුලියට එක්වු ඔහු 1971දී ස්ථිර පත්වීමක් ලැබීය. සම්පත් රේඛා, සැරිසර පුවත් සගරාව, ශනිදා සාදය , සොඳුරු සෙවන , දවසේ පුවත්, ඔහු ඉදිරිපත් කළ ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් අතර වෙයි. රූපවාහිනියෙන් ආයුබෝවන් හා අඳුන වැඩසටහන් ඔහු ඉදිරිපත් කළේය. හද පුද අසුනේ සෙනෙහස බැඳුනේ ඔහු ලියු පළමු ගීතයයි. මල්කාන්ති නන්දසිරි මහත්මිය හා රූපා ඉන්දුමතී මහත්මිය ගුවන් විදුලියේ වෙළෙඳ සේවයෙන් ප්‍රචාරය වු ජාතික උරුමය වැඩසටහනට එම ගීතය ගායනා කළහ. ඔහු රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1600 ක් පමණ වෙයි. කේ ඒ ඩබ්ලිව් පෙරේරා මහතා අධ්‍යක්ෂණය කළ ලොකුම හිනාව චිත්‍රපටයෙන් ප්‍රේමකීර්ති ද අල්විස් මහතා චිත්‍රපට පසුබිම් ගීත රචනයට එක් විය. චිත්‍රපට 160 කට පමණ ඔහු ගීත රචනා කර තිබේ.

===

ප්‍රේමකීර්ති ද අල්විස් මහතා පිළිබඳ සැකසුනු ගුවන් විදුලියේ කොරිඩෝව වැඩසටහන සිංහල ස්වදේශීය සේවයෙන් අද පස්වරු 6.30 සිට ප්‍රචාරය කෙරේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.