අද සිට ඉන්ධන නිකුත් කිරිම QR ක්‍රමයට

Share Button

ජාතික ඉන්ධන අවසර පත්‍රය දීපව්‍යාප්ත මට්ටමින් අද සිට ක්‍රියාත්මකයි. අංක තහඩුවේ අවසන් අංකය, ටෝකන් ඇතුළු ඉන්ධන නිකුත් කිරීමට මෙතෙක් ක්‍රියාත්මක වු අනෙකුත් ක්‍රමවේද අද සිට අවලංගු වන බව බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.  කිව් ආර් ක්‍රමවේදයට අනුගත වු ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදා හැරිමට ප්‍රමුඛත්වය හිමිවෙයි.

අමාත්‍යංශය කරුණු 12 ක් මගින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරයි. 

සියලුම ත්‍රිරෝද රථ ඉන්ධන ලබාගැනිමට ලගම ඇති ඉන්ධන පිරවුම්හල නම් කර පොලිස් ස්ථානවල ලියාපදිංචි විය යුතුය. විදුලිජනක යන්ත්‍ර, තණකොළ කැපිමේ යන්ත්‍ර ඇතුළු උද්‍යාන උපකරණ යන්ත්‍රෝපකරණ ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිතා කරන්නන් සතිපතා අවශ්‍ය ඉන්ධන වර්ගය සහ ඉන්ධන පිරවුම්හල් තෝරාගැනිමට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි විය යුතුය.

පොදු ප්‍රවාහනයට ප්‍රමුඛතාව ලැබේ. ලංගම ඩිපෝ වලින් බස් රථ සඳහා ඉන්ධන කෝටාව වෙන් කෙරෙන්නේ මාර්ග බලපත්‍රය සහ බස් රථය ධාවනය වු කිලෝ මිටර් ගණන අනුවය.  බලධාරින් තහවුරු කළ පාසල් සේවා, කාර්යාල ප්‍රවාහන සේවා, කර්මාන්ත, සංචාරක සේවා, ගිලන්රථ සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා සඳහා ඩිසල් බෙදා හැරිම සිදුකෙරෙන්නේ ලංගම ඩිපෝ මගිනි.

කෙසේ වුවත් සියලුම ඉන්ධන පිරවුම්හල් ගිලන්රථ සඳහා ප්‍රමුතාව දිය යුතුය.

පොලිසිය සඳහා එක් එක් පොලිස් කොට්ඨාසයන්හි තෝරාගත් පිරවුම්හල්වලින් ඉන්ධන කෝටාවක් නිකුත් කෙරේ. 

ඉන්ධන තොග නීතිවිරෝධිව ගබඩා කර ගැනිම හෝ විකිණිම සම්බන්ධයෙන් ඡායාරූප සහ විඩියෝ සාක්ෂි 0742 123 123 ට වට්ස්ඇප් කළ හැකිය. 

කිසිදු ඉන්ධන පිරවුම්හලක පෝලිම් තිබිය නොහැකිය. දිවයිනපුරා ඉන්ධන පිරවුම්හල්වලින් තමන්ට වෙන් වු කෝටාව ලබාගැනිමට සතිය පුරා ඉඩකඩ පවති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.