බදාදා, ඔක්තෝබර් 4, 2023
විදෙස් පුවත්

අමෙරිකානු කතානායකවරිය ආසියානු කලාපයේ සංචාරයක

Share Button

එක්සත් ජනපද පාර්ලිමේන්තුවේ කතානායක නැන්සි පෙලෝසි මහත්මිය ආසියානු සංචාරයක් අරඹයි. සිංගප්පුරුවි මැලේසියාව දකුණු කොරියාව හා ජපානය යන රටවල ඇය සංචාරය කිරිමට නියමිතයි.

කෙසේවෙතත් තායිවානයේ සංචාරය කරන්නේ ද යන්න තවමත් හෙළිකර නැත. විදෙස් විත්ති විචාරකයන් පවසන්නේ එක්සත් ජනපද කතානායකවරිය තායිවානයේ සංචාරය කළහොත් එය විශාල අර්බුදයකට මුල්වනු ඇති බවයි. ගෙවීගිය වසර 25 තුළ එක්සත් ජනපදයේ ඉහළ නිලධාරියෙකු තායිවානයේ සංචාරය කර නැත.

අමෙරිකානු හා චීන නායකයෝද පසුගියදා දුරකථන සංවාදයකට එක්වෙමින් තායිවානයේ වත්මන් තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළහ. එහිදි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පැවසුවේ තායිවානය සම්බන්ධයෙන් තම රටේ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැති බවයි. එකම චීනයක් යන ස්ථාවරයේ පසුවන බව චීන ජනාධිපතිවරයා එහිදි පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...