ඉන්දියාවෙන් භූමිතෙල් මෙට්‍රික්ටොන් දසදහසක්
මෙරටට භූමිතෙල් මෙට්‍රික්ටොන් දසදහසක් ලබාදීමට ඉන්දීය රජය එකගතාව පල කරයි. තමන් කළ ඉල්ලීමක් සලකා මෙය ලබාදීමට ඉන්දියාව පියවර ගෙන ඇතැයි ඇමති ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.
සාමාන්‍යයෙන් ඉන්දියාව විදේශ රටවලට භූමිතෙල් අපනයනය තහනම් කර තිබේ. එහෙත් තමන්ගේ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇතැයි ධීවර ඇමතිවරයා කියයි. එම භූමිතෙල් ධීවර කටයුතු සදහාද ප්‍රයෝජනයට ගැනේ.