05වැනිදා සිට ගෑස් මිල අඩුවන ලකුණු
ලබන 05 වැනිදා සිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ සභාපති මුදිත පිරීස් මහතා පවසයි.
පසුගියදා වැඩි කළ මිලට වඩා වැඩි ගණනකින් අඩුකරන බව ඔහු කියා සිටී. ඉකුත්දා කිලෝග්රැම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 50 කින් වැඩි කළේය. ඊට වඩා ඉතා ඉහළ මුදලකින් එය අඩු කිරීමට ලිට්රෝ සමාගම බලාපොරොත්තු වෙයි.