බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
දේශීය පුවත්

සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි වුවහොත් බහුපාර්ශවීය ආණ්ඩුවක් හෝ පිහිටුවීම වඩාත් සුදුසුයැයි මහනායක ස්වාමින් වහන්සේ පවසති

Share Button

සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට නොහැකි වුවහොත් බහුපාර්ශවීය ආණ්ඩුවක් හෝ පිහිටුවීම වඩාත් සුදුසුයැයි අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපුජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමින් වහන්සේ පවසති. පවතින ක්‍රමය අනුව කෙටි කාලයකදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය හැකියැයි විශ්වාස කළ නොහැකියැයිද උන්වහන්සේ සදහන් කළහ. අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පස්වරුවේ මහනායක ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ මෙම අදහස් පල කළහ.

එම පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සී ස්වාමින් වහන්සේ සදහන් කලේ රට වෙනුවෙන් එක්වෙමු යන චේතනාවෙන් සැවොම ක්‍රියාකරන්නේ නම් එකතුවීමට හැකියාවක් පවතින බවයි. එහෙත් පක්‍ෂය පිළිබඳ සිතන්නේ නම් එක්වීමක් අපේක්ෂා කල නොහැකි බව උන්වහන්සේ කීහ.

අගමැතිවරයා මල්වතුපාර්ශවයේ මහානායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්වාමින් වහන්සේද බැහැදුටුවේය. පවතින තත්ත්වයෙන් ගොඩඒමට ණය ගැනීම් පිළිබඳව සැලකු නමුත් ගෑස් ආහාර සහ ඉන්ධන හිගය ඔස්සේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වු බව අගමැතිවරයා මහානායක ස්වාමින් වහන්සේ වෙත පැවසීය. රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ආණ්ඩුක්‍රම සහ ආර්ථික ප්‍රතිසංස්කරණ නිෂ්පාදන ඉහළ නැංවීම සහ දිළීදු ජනතාවගේ ගැටඵ පිළිබඳව විශේෂ අවධානය යොමුකර ඇතැයි ගුණවර්ධන මහතා මෙහදී වැඩිදුරටත් සදහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...