මෙම මස අවසන් වනවිට අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කාර්යය මණ්ඩල මට්ටමේ එකගතාවක් ඇති කර ගැනීමට රජය සුදානම්

Share Button

මෙම මස අවසන් වනවිට අන්තර්ජාතික මුල්‍ය අරමුදල සමග කාර්යය මණ්ඩල මට්ටමේ එකගතාවක් ඇති කර ගැනීමට හැකිවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි. මෙරට ආර්ථීකයට යම් සහනයක් ලබාගැනීම සදහා රජය එම අරමුදල සමග මාස කිහිපයක සිට සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඩොලර් බිලියන 3 කට වැඩි මුදලක් ශ්‍රීී ලංකාවට තිබේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම ඉන්ධන, ආහාර හා පොහොර ආනයනය පහසු වන බව එතුමා අමෙරිකාවේ වෝල් ස්ට්‍රිට් ජර්නල් සමග පැවැති සාකච්ඡාවකදී පැවසීිය.

ශ්‍රී ලාංකිකයන්ට තම ආර්ථිකයේ සැලකිය යුතු ධනාත්මක තත්ත්වයක් දැක ගැනීමට මාස කිහිපයක් ගතවනු ඇත. මෙම මාසයේදී අන්තර්ජාතික අරමුදල සමග සාකච්ඡා සාර්ථක කරගැනීම රජයේ බලාපොරොත්තුවයි. දේශපාලන ස්ථාවරත්වයක් තිබුණේ නම් ගෙවුණු මාසයේදී එම අරමුදලෙන් ණය මුදලක් ලබාගැනීමෙ හැකියාව තිබුණ බව එතුමා කියා සිටී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...