මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යය පළමු කුඹල් පෙරහර අද වීථි සංචාරය කරයි. පස්වරු 6.00 ට පමණ ශ්‍රී දළදා මාළිගයෙන් ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීථිය. ඩි. එස්’ සේනානායක වීිථීය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීථීය. කොළඹ වීථීිය’ යටිනුවර වීථීය සහ රජ වීථිය ඔස්සේ ගමන් කර යළි මාළිගයට ගෙවදී වසර දෙකකට පසුව මෙවර ඇසල මහ පෙරහර ජනතා සහභාගීිත්වයෙන් පවත්වන බව ශ්‍රී දළගා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිංලග දෑල මහතා පවසයි. අද සිට ලබන සෙනසුරාදා දක්වා කුඹල් පෙරහර පැවැත්වෙන අතර පළමු රන්දෝලි පෙරහර වීථී සංචාරය කරන්නේ ලබන ඉරිදායි. අවසන් රන්දෝලි පෙරහර නිකිනි පුර පසලොස්වක පොහොය යෙදෙන ලබන 11 වැනිදා වීථි සංචාරය කරනු ඇත. පසුදා ගැටඹේ තොටේදී සිදුකරන දිය කැපීමේ මංගල්‍යයෙන් සහ දහවල් පෙරහරෙන් මෙවර ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි. මෙවර ඇසල පෙරහර මංගල්‍යයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ  කඳුරට සේවය ඇසල විසිතුර සජීවී විකාශනය අද සිට ආරම්භ කරයි. මෙවර පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාව ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීමට පන් දහසක පොලිස් බලකායක් යොදවා ඇතැයි මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා කියයි.  විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව යොදවා තිබේ.

 

මේ අතර ඵෙතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ පස්වන දිනය අදයි. මහ දේවාලය අභියසින් රාත්‍රි 8.00 ට ආරම්භ වන පෙරහර ඝන දේවාලයි කිරි විහාරය’ පසුකර අෂ්ටඵල බෝධිය’ වටා ගමන් කිරීමෙන් අනතුරුව ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිට විථියට පිවිසෙයි. වල්ලිඅම්මා දේවාලයට ගමන් කරන පෙරහර එහිදී චාරිත්‍ර ඉටුකර මහ වීථීය ඔස්සේ පැමිණ යළිත් මහ දේවාලයට ගෙවදී’ කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ දුටුගැමුණු මහසෑය සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවෘත කිරීමද අද සිදුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.