ගංවතුරින් පීඩාවට පත්වුවන්ට සහන සැලසීමට යුද හා නාවික හමුදාව ද එක් වෙයි

Share Button

ඇතැම් ප්‍රදේශවලට ඇදහැලෙන වැසි හේතුවෙන් ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.  මේ නිසා මියගිය සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ ගොස් ඇත. තවත් තිදෙනෙක් අතුරුදන් වී සිටිති. අද පෙරවරුවේ නිවාස 2 ක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් මස්කෙලිය ප්‍රදේශයේ එක් අයෙකු මිය ගියේය. වර්ෂාවෙන් දැඩි හානි සිදුවී ඇත්තේ මධ්‍යම කඳුකරයටය. හැටන්ඔය පිටාර ගැලීම නිසා නිවාස රැසක් ජලයෙන් යට විය. වලස්මුල්ල කිරම ඔය ද පිටාර ගැලීම නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙ’් නාවලපිටිය කැටකිඹුලාඔයෙන් එතෙර වීමට ගිය තිදෙනෙක් අතුරුදන් වී සිටිති. තවත් අයෙකු පැන්මුර් වැවට වැටී අතුරුදන්ව ඇත. එම පුද්ගලයා පය ලිස්සා වැටුනු බව සඳහන් කළත් ඔහු සමග ගිය අනෙක් දෙදෙනා සැක පිට පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා යුද හමුදාවද එක්වී සිටී.  නාවික හමුදාවේ සහන කණ්ඩායම් 48 ක් සීරුවෙන් තබා ඇත. හදිසි ගංවතුර තත්ත්වයක දී සහන සැලසීමට රත්නපුර නව නගරයේ නාවික කණ්ඩායම් 2 ක් ස්ථාන ගත කර ඇත. පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 10 න් 6 ක්ම ඊයේ රාත්‍රියේ සිට විවෘත කර තිබේ. හැටන් ප්‍රදේශයේ තද වැසි නිසා ඇතැම් ස්ථාන ගිලා බැසීමේ අවදානමක් ද පවතී’ එවැනි තර්ජනයකට ලක්ව තිබු සිව් මහල් ගොඩනැගිල්ලක සිටි පිරිසක් ඊයේ රාත්‍රියේ ඉවත් කෙරුනි’ දිස්ත්‍රික්ක 2 ක් යා කළ පාලමක් ද විනාශ වී ඇත. නුවරඑළිය දිස්ත්‍රික් මායිමේ පිහිටි දොරුවාදෙනිය ගම්මානය හා මහනුවර දිස්ත්‍රික් මායිමේ පිහිටි පත්තුනුපිටිය ගම්මාන යා ගරමින් ඉදිකර තිබු වැල් පාලම ගගට කඩා වැටී තිබේ. දෛනිකව මෙම පාලම පවුල් 800 ක් පමණ භාවිත කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.