මිටර් 100 සුදුසුකම් ලැබිමේ පළමු වටයෙන් යුපුන් අබේකෝන් ප්‍රථම ස්ථානයට

Share Button

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙලේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම බලාපොරොත්තුව වන යුපුන් අබේකෝන් සහභාගි වු මීටර් 100 ධාවන ඉසව්වේ මුලික තරගයෙන් ප්‍රථම ස්ථානය හිමිකර ගනි. ඔහු එම තරගය තත්පර 10 යි දශම 6 කින් නිම කළේය. ඔහු මෙම ඉසව්ව මීට පෙර තත්පර 9 යි දශම 9 යි 6 කින් අවසන් කර තිබේ.

එමෙන්ම ගයන්තිකා අබේරත්න සහභාගි වු මීටර් 800 ධාවන ඉසව්වේ දෙවන මුලික තරගයෙන් නව ශ්‍රි ලංකා වාර්තාවක් තැබීමට ඇය සමත්වුවාය. කාලය මිනිත්තු 2 යි තත්පර 1 යි දශම 2 යි 0 කි. ඇයට මෙම තරගයේදී පස්වැනි ස්ථානය හිමිවු අතර අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව අහිමි විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.