රුහුණු කතරගම ඇසල පෙරහර මංගල්‍යයේ 6 වන දිනය අද

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද වීදි සංචාරය කරයි. ශ්‍රී දළදා මාළිගයෙන් ගමන් ආරම්භ කරන පෙරහර දළදා වීථිය. ඩී. එස්. සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරේ ඉහළට පැමිණ දේව වීදිය. කොළඹ වීදීය. යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි මාළිගයට ගෙවදී. වසර දෙකකට පසුව මෙවර ඇසල මහ පෙරහර ජනතා සහභාගීත්වයෙන් පවත්වන බව ශ්‍රී දළගා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිංලග දෑල මහතා පවසයි. ලබන සෙනසුරාදා දක්වා කුඹල් පෙරහර පැවැ්තවෙන අතර පළමු රන්දෝලි පෙරහර වීදී සංචාරය කරන්නේ ලබන ඉරිදායි. අවසන් රන්දෝලි පෙරහර නිකිනි පුර පසලොස්වක පොහොය යෙදෙන ලබන 11 වැනිදා වීදි සංචාරය කරනු ඇත. පසුදා ගැටඹේ තොටේදී සිදුකරන දිය කැපීමේ මංගල්‍යයෙන් සහ දහවල් පෙරහරෙන් මෙවර ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත්වෙයි. මෙවර ඇසල පෙරහර මංගල්‍යයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවය ඇසල විසිතුර සජීවී විකාශනය ඉදිරිපත් කරයි.
මේ අතර ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ 6 වන දිනය අදයි. විශේෂ චාරිත්‍ර රැසක් අද සිදු කිරීමට නියමිතයි. මහා දේවාලයේ බස්නායක නිලමේවරයාගේ නිල නිවස වන වලව්වේ ගොම මැටි ගා පවිත්‍ර කර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම අද සිදු වෙයි. මහා දේවාලය ඉදිරිපිට ඇති අතු පන්දලමේ පැරණි කොල අතු ඉවත් කර අලුතින් කොලඅතු තැන්පත් කිරීම අද සිදු කෙරෙන තවත් චාරිත්‍රයකි. කඩොල් ඇතුගේ දළ යුගල දේවාල දොරටුව දෙපස ප්‍රදර්ශනය කිරීම ද අදින් ඇරඹෙයි. දේවාල මාලිගාවේ හා සඳුන් මණ්ඩපයේ වියන් බැඳීම ද අද සිදු වෙයි. බස්නායක නිලමේවරයා මුල් වරට පෙරහරේ ගමන් කරන්නේ ද අද සිටයි. මහ දේවාලය අභියසින් ආරම්භ වන පෙරහර පිට වීදිය ඔස්සේ ගමන් කර වල්ලිඅම්මා දේවාලයට ළගා වෙයි. එහිදී පුද චාරිත්‍ර ඉටු කිරීමෙන් අනතුරුව ප්‍රධාන වීදිය ඔස්සේ පැමිණෙන පෙරහර යළි දේවාලයට ගෙවැදී. උඩරට පහතරට හා සබරගමුව පළාතට ආවේනික නර්තන අංග හා අලිඇතුන්ගෙන් මෙවරද පෙරහර අලංකාර වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.