සර්වපාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹෙයි

Share Button

සර්වපාක්ෂික රජයක් සඳහා සාකච්ඡා ඇරඹෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී දේශපාලන පක්ෂ කිහිපයක් සමග සාකච්ඡා වට කිහිපයක් ඊයේ පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයෝ හා සාමාජිකයෝ පළමු සාකච්ඡා වටයට එක්ව සිටියහ. දෙවන සාකච්ඡා වටය පැවැත්වුනේ ලංකා කම්කරු කොංග්‍රසය සමගයි. එම කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමාන් සහ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමාන් යන මහත්වරු ප්‍රමුඛ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. 3 වන සාකච්ඡා වටය පැවැත්වුනේ ජාතික කොංග්‍රසය සමගයි. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එල් එම් අතාවුල්ලා මහතා ප්‍රමුඛ නියෝජිත පිරිසක් ඊට සහභාගි වුහ.

සර්ව පාක්ෂික රජයක් පිළිබඳව මහා සංඝරත්නය ප්‍රමුඛ සෙසු ආගමික පුජකවරුන් ද සිවිල් සංවිධාන තරුණ කණ්ඩායම් ඇතුඵ සමස්ත ජනතාව දැඩි විශ්වාසයකින් හා අපේක්ෂාවෙන් පසු වන බව ජනාධිපතිතුමා එහිදී පැවසීය.

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම පිළිබඳව තවත් පාර්ශ්ව කිහිපයක් සමග ජනාධිපතිතුමා අද සාකච්ඡා කිරිීමට නියමිතයි. සමගි ජන බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය ඇතුඵ පක්ෂ රැසක් ඉදිරි සාකච්ඡාවලට එක්වීමට කැමැත්ත පළ කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.