චීනයේ දැඩි විරෝධය නොතකා නැන්සි පෙලෝසි තායිවානයට

Share Button

චීනයේ දැඩි විරෝධය නොතකා එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසි මහත්මිය තායිවානයට පැමිණෙයි. දැන් ආසියානු කලාපයේ සංචාරයක නිරතව සිටින ඇය එහි එක් අදියරක් ලෙස එහි පැමිණ සිටින්නීය. ඇමරිකාවේ ඉහළ පෙළේ නිලධාරියෙකු තායිවානයේ සංචාරය කරන්නේ දශක ගණනාවකට පසුවයි.

එම සංචාරය චීනය හා රුසියාව දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කර තිබේ. චීනය පවසන්නේ එම සංචාරය මගින් ඇමරිකානු කථානායකවරිය විශාල වරදක් කර ඇති බවයි. ඒ සඳහා වන්දි ගෙවිමට ඇමරිකාවට සිදුවනු ඇතැයි චීනය අනතුරු අගවයි.

තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇමරිකාවේ ඇති කැපවීම ප්‍රදර්ශනය කිරීමට තමා එරට සංචාරයක නිරත වන බව නැන්සි පෙලෝසි මහත්මිය සඳහන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.