අයහපත් කාලගුණයෙන් පිඩාවට පත් ජනතාවට සහන

Share Button

පසුගිය දින කිහිපය පුරා පැවති අයහපත් කාලගුණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 1788 ක් පිඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පවසයි. එක් මරණයක් වාර්තාවී තිබේ.

නවතම තොරතුරුවලට අනුව නිවාස 537 කට අර්ධ හානි සිදුවී තිබේ. පිඩාවට පත්වුවන් සදහා සුරක්ෂිත මධ්‍යස්ථාන 08 ක් ක්‍රියාත්මකයි. කඵඟගේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහලයාම නිසා ගංවතුර තත්ත්වය ඇතිවු බවත් තවදුරටත් වැසි පවතින බැවින් ගංවතුර පිළිබඳව ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවත් ඇය පැවසුවාය. නායයාමේ අධි අවදානම් තත්ත්ව පිළිබඳව රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 05 ක ජනතාව විමසිල්ලෙන් කටයුතු කරන ලෙස දැනුම්දී තිබේ. පිඩාවන්ට පත්වුවන් සදහා සහන සැලසිමට පියවර ගෙන තිබේ. පිසු ආහාර ද ඔවුන්ට ලබාදෙයි.

බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ අයහපත් කාලගුණයෙක් ප්‍රාදේශිය ලේකම් කොටඨාස 09 ක නිවාස හානි 11 ක් වාර්තාවී තිබේ. පිඩාවට පත්ව ඇති පවුල් සංඛ්‍යාව 11 ක් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය ජාතික ගුවන් විදුලියට පැවසුවාය. ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.