එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම්
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපති ෂික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබපැතුම් එක් කරයි. දුරකථන ඇමතුමක් ලබාදී ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වීම සම්බන්ධයෙන් ඔහු සුබපැතුම් පිරිනමා ඇත.
ශ්‍රී ලංකාව ස්ථාවරත්වය සහ සාමය කරා ගෙනයාමට සහ රට මුහුණදී සිටින තත්ත්වයෙන් ජය ගැනීමට ජනාධිපතිවරයාට හැකි වේවායි ද හෙතෙම ප්‍රාර්ථනා කර තිබේ. මෙම සාකච්ඡාවේදී දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා සහ ඒවා වැඩිදියුණු කිරීමේ ක්‍රම මෙන්ම අන්‍යෙන්‍ය වශයෙන් වැදගත් වන කාලපිය සහ ගෝලීය ගැටඵ ගණනාවක් පිළිබඳව එම දෙපළ සාකච්ඡා කර ඇත.