පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී යුපුන් අබේකෝන්ට පදක්කමක්

Share Button

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී මිටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රිඩක යුපුන් අබේකෝන් සමත් වෙයි. ඔහුට තරගය අවසන් කිරීමට ගතවු කාලය තත්පර 10.14 කි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේකදී මිටර් 100 ධාවන ඉසව්වේ පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රිඩකයා ලෙස අද අළුයම ඔහු ඉතිහාසයට එක් විය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලක මිටර් 100 ධාවන ඉසව්වෙන් පදක්කමක් දිනාගත් පළමු ආසියානු ක්‍රිඩකයා බවට ද ඔහු පත් වෙයි. එම ඉසව්වේ දකුනු ආසියාවේ වාර්තාවට හිමිකම් කියන්නේ ද යුපුන් අබේකෝන්ය.

සිය ජයග්‍රහණය පිළිබඳව ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් යුපුන් අබේකෝන් සදහන් කර ඇත්තේ මෙය අනාගතයේ ලැබිය හැකි ජයග්‍රහණවල ආරම්භය පමණක් බවයි. එම ජයග්‍රහණ වෙනුවෙන් තමා අඛණ්ඩව කැපවන බව පවසන යුපුන් අබේකෝන් ඒ වෙනුවෙන් තමාට සහායදුන් සැමට සිය කෘතඥතාව පළ කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය මිටර් 100 ධාවන ඉසව්වේ රන්පදක්කම දිනා ගත්තේ කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා ක්‍රිඩකයායි. රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ මකානි සිම්බනි දිනා ගත්තේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.