චීනය තායිවානය අවට මුහුදේ හමුදා අභ්‍යාසයක් අරඹයි

Share Button

චීනය තායිවානය අවට මුහුදේ දින 05 ක හමුදා අභ්‍යාසයක් අරඹයි. ඇමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි මහත්මිය තායිවානයේ සිදුකළ සංචාරයෙන් පසුව චීනය එම තීරණය ගෙන තිබේ. පෙලෝසි මහත්මිය සිය කෙටි එහෙත් මතභේදාත්මක තායිවාන සංචාරය නිම කරමින් ඊයේ පස්වරුවේ එරටින් පිටත්ව ගියාය.

තායිවානය පැවසුවේ චීන යුද ගුවන් යානා 27 ක් දැනටමත් තම ගුවන් කලාපයට ඇතුළුවී ඇති බවයි. චීන හමුදා අභ්‍යාසය හේතුවෙන් තම නෞකාවලට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම්දුන් බව තායිවාන බලධාරිහු පැවසුහ. විකල්ප ගුවන් මාර්ග සපයා ගැනීම සඳහා අසල්වැසි ජපානය හා පිළිපිනය සමග සාකච්ඡා කරන බවද ඔව්හු සඳහන් කළහ.

මේ අතර ජී-හත කණ්ඩායමේ රටවල විදේශ ඇමතිවරුවන් ඒකාබද්ධ නිවේදනයක් නිකත් කරමින් සඳහන් කර ඇත්තේ චීනයේ ක්‍රියාකලාපය සමස්ත කලාපයම අස්ථාවර කිරීමට ඉවහල් වනු ඇති බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.