රුපියල් බිලියන 29 ක ආයෝජනයෙන් පෞද්ගලික විශ්ව විද්‍යාල තුනක ඉදිකිරිම් ඇරඹෙයි
රුපියල් බිලියන 29 ක ආයෝජනයෙන් රටතුළ පෞද්ගලික විශ්ව විද්‍යාල තුනක ඉදිකිරිම් ආරම්භ කර තිබෙ. චීනය, ජර්මනිය සහ ලෝක ව්‍යාපාර කළමනාකරණ ආයතනය මගින් එම විශ්ව විද්‍යාල ක්‍රියාවට නැංවෙයි.
විදේශ විශ්ව විද්‍යාල සදහා රජය මිලදි ගෙන තිබු පාදුක්කේ අක්කර 125 ක භූමියක ඉදිකිරිම් සිදු කෙරෙනබව ශිෂ්‍යත්ව අරමුදලේ අධ්යක්ෂ කේ. බණ්ඩාර මහතා පවසයි.
මීට අමතරව තවත් විදේශිය විශ්ව විද්‍යාල හයක් ශ්‍රි ලංකාවේ ආයෝජනයට ඉදිරිපත්ව සිටි.
මෙමගින් උසස් අධ්‍යාපනයට යොමුවන සිසුන්ට විදෙස්ගත නොවි මෙරටදිම අධ්‍යයන කටයුතුවල නිරතවීමේ අවස්ථාව උදාවෙයි. මෙරට මුදල් විදේශිය වෙත ගලායාම නතර වන අතර ඩොලර් ලැබීම ද සිදුවෙයි.