විදේශ සබඳතා ශක්තිමත් කර ගනිමින් රටේ ආර්ථිකය නගා සිටුවිමට ජනාධිපතිවරයාට හැකියාව ඇතැයි එ ජා ප සභාපතිවරයා කියයි

Share Button

ඇතැම් රාජ්‍ය නායකයන්ට ජාත්‍යන්තර ප්‍රතිපත්ති වලට සාර්ථකව මුහුණ දිමට නොහැකි වුවද වත්මන් ජනාධිපතිවරයා රටක් මෙහෙයවිමට වඩාත් උචිත නායකයෙකු බව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා පවසය.

ජාතික ගුවන්විදුලියේ දසදෙසින් හත වැඩසටහනට එක්වෙමින් ඔහු පැවසුවේ වසර ගණනාවක සිට වත්මන් ජනාධීපතිවරයාට පාලන තන්ත්‍රය මෙහෙයවීම වැලැක්විමට විවිධ කන්ඩායම් කටයුතු කළ බවයිි.

ජනාධිපතිවරයා ඊයේ සිදුකළ රාජාසන කතාවේදි ජනතාවට වැදගත් යෝජනාවලි කිහිපයක් ඉදිරිපත් කළේය. එකට එක් වී කටයුතු කරන ලෙස විවිධ සංස්කෘතින්ට අයත් ජනතාවගෙන් ජනාධිපතිතුමා එහිදි ඉල්ලිමක් කළේය. රටේ තරුණ පරපුර බලාපොරොත්තු වන වෙනස ඇති කිරිමට රනිල් වික්‍රමසිංහ මහතාට හැකිවනු ඇතැයි අබේවර්ධන මහතා විශ්වාසය පළ කළේය.

ඉදිරියේදි අයවැය පරතරය සිමා කරමින් රටේ ආර්ථිකය ඉහළ නැංවිම අපේක්ෂාවයි. ගැලපෙන හෝ නොගැලපෙන පුද්ගලයන් සමග සාකච්ඡා කර වැඩ කිරිමේ හැකියාව ජනාධිපතිවරයා සතුව ඇත. පාර්ලිමේන්තුවද වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාසය තබා තිබෙ. විදේශ සබඳතා කඩිනමින් ශක්තිමත් කර ගනිමින් රටෙ ආර්ථිකය නග සිටුවිමට ජනාධිපතිවරයා ක්‍රියාකරනු ඇතැයි හෙතෙම පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.