කළුගඟ දෙපස පහත්බිම්වල ජනතාවට තවදුරටත් විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම්දිමක්
පවතින ගංවතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරයි. එහෙත් කළුගග දෙපස පහත්බිම්වල ජනතාව ඒ ආශ්රිත මාර්ග පරිහරණය කිරිමේදි වඩාත් සැලකිලිමත් විය යුතු බව වාරිමාර්ග අධ්යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කරයිි.
නිල්වලා ගග ආශ්‍රිතව ඇති වූ ගංවතුර තත්ත්වය මේ වනවිට මුලුමනින්ම ඉවත්ව ගොස් තිබෙ. දිවයිනේ මධ්‍ය කදුකරයට තවදුරටත් වැසි ලැබෙමින් පවත. මහවැලි ගගේ ඉහළ ධාරා ප්‍රදේශවල පිහිටි ජලාශ පිටවාන් මට්ටමට පැමිණ ඇත. ජල විදුලි නිෂ්පාදනය මේ තුළින් තවදුරටත් ඉහළ නැංවිය හැකි බව හෙතෙම කියයි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන හා වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකෙහි උස්බිම්වල ජීවත් වන ජනතාව පවතින අධික වර්ෂාව හේතුවෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දිස්ත්‍රික්ක ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයිි.
විශේෂයෙන් පසුගිය කාලයේ සපුතන්ත්‍රි කන්ද, ගොමඩිය, දෙහිගහහේන ප්‍රදේශ නාය යාමට ලක්වීමෙන් ජිවිත හානි රැසක් සිදුවිය. මේ වනවිට පවතින අධික වර්ෂාවෙන් නිවාස කිහිපයකට හානි සිදු වී ඇත. වරාපිටිය හදුගල ප්‍රධාන මාර්ගයේ සිත්තම්ගල රජමහා විහාරය අසල බෝක්කුවේ කොටසක් කඩාවැටීමෙන් වාහන ගමනාගමනයට බාධා පැමිණ ඇත.