මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ තුන්වැනි කුඹල් පෙරහර අද

Share Button

මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ තුන්වැනි කුඹල් පෙරහර අද විදී සංචාරය කරයි. අවසන් රන්දෝලි පෙරහර නිකිණිපුර පසළොස්වක පොහොය යෙදෙන ලබන බ්‍රහස්පතින්දා විදී සංචාරය කිරීමට නියමිතයි.

පෙරහර නැරඹිමට පැමිණෙන අය වෙනුවෙන් ලබන ඉරිදා සිට සාමාන්‍ය දුම්රියවලට අමතරව විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ 07 වන දිනය අදයි. පෙරහර රාත්‍රි 8.00 ට පමණ ආරම්භ වෙයිි. මහා දේවාලය අසලින් ආරම්භ වන පෙරහර ගණ දේවාලය, කිරි වෙහෙර හා අෂ්ඨඵල බෝධිය වටා ගමන් කිරිමෙන් පසු ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් පිටවීදියට පිවිසේ. පෙරහර එම වීදිය ඔස්සේ වල්ලිඅම්මා දේවාලයට පැමිණිමට නියමිතයි. එහිදි පෞරාණීක චාරිත්‍ර ඉටු කිරිමෙන් පසු නැවත මහවීදිය ඔස්සේ පැමිණෙන පෙරහර කතරගම මහ දේවාලයට ගෙවැදීමෙන් පසු නිමාවට පත්වෙයි. උඩරට, පහතරට හා සබරගමුව මෙන්ම රුහුණට ආවේණික නර්තන කන්ඩායම් හා අලිඇතුන් ගෙන් පෙරහර අලංකාරවත් වෙයි.

ඊයේ රාත්‍රියේ පෙරහර නැරඹිම සදහා විශාල පිරිසක් කතරගම පූජා භූමියට පැමිණීයහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.