මව්කිරි දීමේ වැදගත්කම අවධාරණය කෙරේ

Share Button

ලෝකයේ සෑම වසරකම අගෝස්තු මාසයේ පළමු සතිය මව්කිරි දීමේ සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ශ්‍රි ලංකාවේ මෙවර තේමාව වන්නේ මව්කිරි දීමට නැගී සිටිමු- දැනුවත් කරමු- සහාය වෙමු යන්නයි. ලබන 07 වැනිදා දක්වා ක්‍රියාත්මක මව්කිරි දීමේ සතියේදි මව්කිරි ලබාදිම ප්‍රවර්ධනයට සියලුදෙනා දායකවිම වැදගත් වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය අධ්‍යක්ෂ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පෙන්වා දෙයි. ඒ සදහා සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා රෝහල් මගින් දිවයින පුරා දැනුවත් කිරිමේ වැඩසටහන් ක්‍රියාවට නැංවෙයිි.

ආර්ථික පසුබෑමට ලක්ව සිටින මෙම අවස්ථාවෙ දරුවාගේ පෝෂණය සදහා මව්කිරි දීම අතිශය වැදගත්ය. එමගින් පිටිකිරි සදහා වැය වන මුදල ඉතිරි කර ගත හැකි බව ඇය වැඩිදුරටත් පැවසුවාය. වඩා යහපත් සෞඛ්‍ය සම්පන්න දරුවෙකු සමාජගත කිරිමට මව්කිරි දීමෙන් හැකියාව ලැබෙ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.