යල කන්නයේ වී අස්වනු සඳහා උපරිම මිලක්

Share Button

වී අලෙවි මණ්ඩලය වී මිලදි ගැනීමට අමතරව සහල් වෙළෙඳපළට සැපයීමේ කාර්යයටද පිවිසෙයි.

ඒ අනුව මෙවර යල කන්නයේ වී අස්වනු මිලදි ගැනිමට අදාලව මණ්ඩලය මිලදී ගැනිමට යෝජිත මිල ගණන් ඊයේ රැස් වු කෘෂිකර්ම අමාත්‍යංශ මිල කමිටුවෙදි තීරණය කෙරිණි. ඒ අනුව නාඩු වී කිලෝග්‍රැම් එකක් රුපියල් 120 කටද, සම්බා හා කැකුළු වී කිලෝවක් රුපියල් 125 කටද, කීරි සම්බා වි කිලෝවක් රුපියල් 130 කටද මිලදි ගැනිමට එහිදි තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදි ඇමති මහින්ද අමරවිර මහතා පැවසිය.

යල කන්නයේ වී අස්වනු මිලදි ගැනිමේදි ගොවි ජනතාවට ඉහළ මිලක් සැපයීමටත්, සහල් නිෂ්පාදනයට වි අලෙවි මන්ඩලය ඉදිරිපත්විම මගින් වෙළෙඳපලේ සහල් මිල ඉහළ යාම පාලනය කිරිමට දායක විමත් අරමුණ බව ඔහු සදහන් කළේය. වි මිලදි ගැනිමේදි දැනට වී අලෙවි මණ්ඩලය සතු මුදල් ඒ සදහා යොදා ගැනේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.