බ්‍රහස්පතින්දා, දෙසැම්බර් 7, 2023
අවධානය පිණිසයිදේශීය පුවත්

බස් ගාස්තු සංශෝධනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට – අවම ගාස්තුව රුපියල් 34 ක් දක්වා පහතට

Share Button

බස් ගාස්තු සංශෝධනය කෙරේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එය ක්‍රියාත්මකයි. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා පහත දමා ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා කියයි.

බස්රථ වලට ඉන්ධන සැපයීම මේ වනවිට සාර්ථකව සිදු කෙරෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසිය. පළාත්බද බස් රථ වලට ලංගම ඩිපෝ වලින් ඉන්ධන සැපයේ. අන්තර් පළාත් බස් රථ වලට කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ඉන්ධන ලබාගත හැකියි. කොළඹ බැස්ටියන් මාවත බස් පර්යන්තයේ ඉන්ධන පිරවුම්හලෙන් අද සිට අන්තර් පළාත් බස් රථ වලට ඉන්ධන සැපයිමට විධිවිධාන යොදා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...