අධිකරණ නියෝගවලට සියලු දෙනා අවනත වීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ
අධිකරණ නියෝගවලට රටේ ජනතාව අවනත විය යුතු බව ජනාධිපති නිතිඥ යූ.ආර්. ද සිල්වා මහතා පවසයි. එවැනි නියෝගයක් පැහැර හැරීම අධිකරණයට කරන අපහාසයකි.
අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කළ පුද්ගලයෙකු එම නියෝගය කඩ කළහොත් ඔහු අත්අඩංගුවට ගැනිමට වරෙන්තු නිකුත් කෙරේ. වරෙන්තු නියෝගයකට අනුව යමෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමේ බලය පොලිසිය සතුය.