ජනාධිපතිවරයා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් සුරැකෙන අන්දමින් කටයුතු කිරිම දේශපාලන විශ්ලේෂකයන්ගේ ඇගයීමට

Share Button

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්විමෙන් පසු ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදි අයිතිවාසිකම් ආරක්ෂා වන අන්දමින් කටයුතු කිරිම සැබවින්ම සාධනීය ලක්ෂණයක් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

සාමකාමීව තම අදහස් ප්‍රකාශ කිරිමට ජනාධිපතිවරයා කිසිසේත්ම බාධා පමුණුවා නැත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් රජය අපහසුතාවට පත් කිරිමට සහ කුමන්ත්‍රණකාරී ලෙස ජනතාව ප්‍රචණ්ඩත්වයට යොදා ගැනිම කිසිසේත් අනුමත කළ නොහැකියි.

අරගලයේ මුවාවෙන් ප්‍රචණ්ඩකාරි ලෙස හැසිරුණු හා පොදු දේපල වලට හානි සිදුකළ පිරිස් අත්අඩංගුවට ගැනිම මේ වනවිට සිදුවෙයි. එය රටේ නිතියට අනුකුලව සිදු කෙරෙන්නකි. රටක නිතියට ගරු කිරිම හා විනයගරුකව හැසිරිම පුරවැසි වගකිමකි. එය නිසිලෙස පවත්වාගෙන යාම රජයක වගකිම බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.