සියලු දේශපාලන පක්ෂ සර්වපාක්ෂික රජයකට එක්විය යුතු බව ශ්‍රි ලංකා අමරපුර මහානිකායේ මහානායක ස්වාමීන් වහන්සේ පවසති

Share Button

සර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරමින් රටේ ප්‍රශ්නවලට කඩිනම් විසදුම් සැපයීමට ශක්තිමත් රජයක් අත්‍යවශ්‍ය බව ශ්‍රි ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්ද්‍රසිරි මහානායක ස්වාමින් වහන්සේ පෙන්වා දෙති. ඒ සදහා සර්වපාක්ෂික ආණ්ඩුකරණය ඉතාමත් වැදගත් වෙයි.

උන්වහන්සේ මෙම කරුණු සදහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ තමන් වහන්සේ බැහැදැකීමට පැමිණි අවස්ථාවේදීය. රාජගිරිය කලපලුවාව ගෝතම තපෝවන විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා මහානායක ස්වාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

කෘෂිකර්මාන්තයට ප්‍රමුඛත්වය දී රට ස්වයංපෝෂිත කිරිමට අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළ යුතු බව මහානායක ස්වාමින් වහන්සේ පැවසුහ. කුසලතාව මත පදනම්ව රැකියා අවස්ථා ඉලක්ක කරගත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමේ හා අනාගත ලෝකය ජයගත හැකි සුදුසු විෂය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරිමේ අවශ්‍යතාව උන්වහන්සේ අවධාරණය කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.