චීනය තායිවානය අවට මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක
චීනය මේ වනවිට තායිවානය අවට මුහුදේ දැවැන්ත යුද අභ්‍යාසයක නිරතව සිටි. ඒ අනුව ඊයේ තායිවාන මුහුදු ප්‍රදේශයට බැලස්ටික් මිසයිල ප්‍රහාර 11 ක් එල්ල විය.
මිසයිල පහක් තම මුහුදු ප්‍රදේශයට පතිත වූ බව පවසන ජපානය වහාම එම යුද අභ්‍යාසය අත්හිටුවන්නැයි චීනයට දැනුම් දී තිබේ.
අමෙරිකානු කොංග්රස් මණ්ඩලයේ කතානායක නැන්සි පෙලෝසි මහත්මිය පසුගියදා තායිවානයේ සංචාරය කිරිමට විරෝධය පළ කරමින් චිනය මෙම යුද අභ්‍යාසය ආරම්භ කළේය. අමෙරිකානු කතානායකවරියගේ සංචාරය සිදු වුයේ චීනයේ දැඩි විරෝධය මධ්‍යයේයි.
සංචාරයෙන් තායිවානයේ ස්වාධිපත්‍යයට තර්ජනයක් එල්ල වූ බව චීනය කියයි. චීනය පවසන්නේ තායිවානය තම රටේ කොටසක් බවයි. එහෙත් එය පිළිගැනිමට එක්සත් ජනපදය සූදානම් නැත.