මෙරට විදේශ ප්‍රතිපත්තිය නොබැදි පිළිවෙතක් කරා යොමු වියයුතු බව අවධාරණය කෙරේ

Share Button

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නොබෙදි පිළිවෙතක් කරා වහාම යොමු විය යුතු බව මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා අවධාරණය කරයි. චීනය සහ ඉන්දියාව අතර බල අරලගයට ශ්‍රී ලංකාව මැදිහත්ව සිටි. ඉන් ඇතිවන අහිතකර ප්‍රතිඵලවලින් ගැලවීමට ඇති එකම මග මැදිහත් හා ස්වාධීන පිළීවෙතක සිට කටයුතු කිරීිම බව ඔහු පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව මේ අවස්ථාවේ කිසිදු පාර්ශවයකට විශේෂතවයක් දැක්විය යුතු නොවේ.

එබැවින් ඉතා කල්පනාකාරිීව සහ උපක්‍රමශීිලී ලෙස මෙරට විදේශ ප්‍රතිපත්තිය හැසිරීමට රජය ක්‍රියාකළ යුතුය. පවතින අර්බුදකාරි මෙම අවස්ථාවේ ඉන්දියාවේ සහ චීනයේ සහාය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයය. ඒ බව නිවැරගිව අවබෝධ කරගෙන රජය සහ මෙරට බලධාරීන් ක්‍රියා කළයුතු බව ඒ මහතා පෙන්වා දෙයි. වෙනස් වන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කීරීම ශ්‍රී ලංකාව වැනි රටකට උචිත නොවේ.  නොබැදි පිළිවෙත මුලික කරගත් තිරසර ශක්තිමත් විදේශ ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය ක්‍රියා කළයුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.