ජනපති සහ සමගි ජන බලවේගය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ

Share Button
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන සන්ධානය අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි’ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන එම හමුවට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු පක්‍ෂ නියෝජිතයෝ පිරිසක් සහභාගී වෙති’  සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සහ ඊට අදාළ යෝජනා පිළිබඳ සාකච්ඡා කර එකගතාවකට පැමිණීම මෙහි අරමුණයි’ ඊට අමතරව 19 වැනි සංශෝධනය’ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා සහ  කෝපාි කෝප් යන මූල්‍ය කමිටු සම්බන්ධයෙන් ක්‍රියාකාරි දායකත්වය සපයන ආකාරය  පිළිබඳව ද  සාකචඡා කරන බව සමගි ජන බලවේගය සදහන් කරයි’
මේ අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා නිදහස් කලා සන්ධානයේ කලාකරුවන් පිරිසක් හමුවෙයි’   අගමැති කාර්යාලයේදි ඊයේ පැවැති එම හමුවෙ‘දී  ජනතාව වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදෙන කලාකරුවන්ගේ ගැටලු විසදන බවට  අගමැතිවරයා සහතික විය’   රටේ ඉදිරි ගමනට  කලාකරුවන්ගේ දායකත්වය ඔහු ඉල්ලා සිටියේය’

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.