කොවිඩ් සමයේ ඉහළ දැමු බස් ගාස්තුවෙන් සියයට 10 ක් අඩුකළ බව විෂය භාර ඇමති කියයි

Share Button

කොවිඩ් වසංගත සමයේ ඉහළ දැමු බස් ගාස්තුවෙන් සියයට 10 ක් මෙවර අඩුකළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. බස් රථයක ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙනයාමේ සීමාවක් වර්තමානයේ නොමැත එබැවින් අදාළ බස් ගාස්තු අඩු කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිසම තමාව දැනුවත් කිරීිමෙන් පසු ඊට අනුමැතිය ලබාදුන් බව අමාත්‍යවරයා කියා සිටියේ ජාතික ගුවන් විදුලියේ දසදෙසින් හත වැඩසටහනට අද එක්වෙමිනි. රජයක කාර්යභාරය වනුයේ පවතින තත්ත්වය කළමනාකරණය කිරීම පමණි.  බස් ගාස්තු සංශෝධනයේදී රජය මැදිහත්වීමක් සිදු නොකරයි. එය තීරණය කරනු ලබන්නේ ජාතික ගමනාගමන කොමිසම විසිනි. සාකච්ඡා මට්ටමින් ගැටලු විසදා ගැනීමට අවකාශ තිබියදී විරෝධතා පවත්වා ජනතාව පීඩාවට පත් නොකරන ලෙස අමාත්‍යවරයා අදාළ පාර්ශවවලින් ඉල්ලා සිටියේය. අද උදෑසන ආරම්භ කළ විරෝධතාවය පිළිබඳ අදාළ පාර්ශව තමාට දැනුම් දුන්නේ විරෝධතාව ආරම්භ කිරීමෙන් පසුව බවද ඔහු කීවේය’

පෞද්ගලික බස්රථ සියයට 10 ක් පමණ අද ධාවනයේ යෙදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි’ එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ පෞදගලික බස් රථවලට ප්‍රමාණවත් පරිදි ඉන්ධන නොලැබීම නිසා බස් රථ ධාවනය කිරීමට නොහැකී වී ඇති බවයි’ මේ අතර පෞද්ගලික බස්රථවලට ප්‍රමාදයකින් තොරව ඉන්ධන ලබාදීමට පියවර ගෙන ඇති බව අප කළ විමසුමකදී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා කියා සිටියේය’ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ලබාදී ඇති ලේඛණයට අනුව ඉන්ධන සැපයීම සිදුකෙරේ’ ලංගමයට අයත් සියලු බස්රථ අද ධාවනයට එක්කර ඇතැයි ඔහු කිවේය’

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.