නිරිත කොටසේ පවතින වැසි තත්ත්වයේ අඩුවීමක්

Share Button

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 10 ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 65 කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි. ඉන් පවුල් 3471 ක පුද්ගලයෝ පීඩාවට පත්ව සිටිති. නිවාස 1150 කට හානි සිදුව තිබෙ‘’ ඉන් එකක් සම්පුර්ණයෙන් විනාශ වී ඇතැයි එම මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ සුගත් දිසානායක මහතා ප්‍රකාශ කළේය. විපතට පත්වුවන් සදහා සුරක්‍ෂිත මධ්‍යස්ථාන කිහිපයක්ද ක්‍රියාත්මක කර තිබේ. විපතට පත්වුවන්ට සහන සැලසීම සදහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේය.

පවතින වැසි සහ සුළං තත්ත්වයේ අඩුවීමක් ලබන 10 වැනිදායින් පසු බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසිය. වයඹ” බස්නාහිර’ දකුණ සහ මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට අධික වැසි ලැබෙමින් පවතී. සුළගේ වේගය පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර වෙයි. මන්නාරමේ සිට කොළඹ හරහා පොතුවිල් දක්වා මුහුදු තීරයේ සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකිය. පුත්තලම කොළඹ හරහා පොතුවිල් දක්වා වෙරළ ප්‍රදේශයේ උදම් රැලි ඉහළයාම මීටර් තුනයි දශම පහක් දක්වා විය හැකි බවද ඔහු කීවේය.

ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි කරුණාවර්ධන මහතා මාධ්‍ය හමුවට එක්වෙමින් පැවසුවේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශවල බෑවුම් සහ ඉවුරු අස්ථාවර වී ඇති බැවින් ඒ පිළිබඳව සැලකිලිමත් වන ලෙසයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිදුවීම් 20ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ සිදුවීම 15 ක් වාර්තා වී ඇතැයිද ඔහු සදහන් කළේය. මහවැලි’ කළු සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම පහල යමින් පවතින බව වාරිමාර්ග ඉංජිනේරු ශසික ඉරේෂ් මහතා කියයි. නිල්වලා ගගේ පහල මට්ටමේ සුලු ගංවතුර තත්ත්වයක් තවදුරටත් පවතී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.