ලංකා ගුරු සංගමයේ ලේකම්වරයාට ඇප නියම කිරීමේ නියෝගය ලබන 08 වැනිදා

Share Button

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් හට ඇප නියම කිරීම සම්බන්ධයෙන් නියෝගය ලබන 08 වැනිදා සිදුකිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියම කළේය.  අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උද්ඝෝෂණවල නිරතවීම සම්බන්ධයෙන් එල්ල වු චෝදනා මත ඔහුව ලබන 12 වැනිදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඊයේ ඔහු වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන් මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කොට තම සේවාදායකයා ඇප මත මුදාහරින්නැයි ඉල්ලීමක් කළේය.

මේ අතර රටක පොදු න්‍යාය පත්‍රයට පරිභාහිරව තම පෞද්ගලික න්‍යාය පත්‍රයන් ඇතැමුන් ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපතිතුමාගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පවසයි. මුල් කාලයේ අරගලය ක්‍රියාත්මක වුයේ දේශපාලනයකින් තොරවය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුලු ඇතැම් දේශපාලන කණ්ඩායම් අරගලය සිදුකරන්නේ තම පක්‍ෂයෙන් බවට ප්‍රසිද්ධීයෙන් ප්‍රකාශ කිරීිමත් සමග ගැටලු ඇති වු බව ඔහු පෙන්වා දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.