ඛණීජ තෙල් සංස්ථාව පාඩු ලැබීමට බලපෑ කරුණු 8 ක් ඇමති හෙළිකරයි

Share Button

ලංකා ඛණීජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට කරුණු 8 ක් බලපා ඇතැයි ඇමති කංචන විජේසේකර මහතා පෙන්වා දෙයි. දීර්ඝ කාලයක් ජනතාවට සහන දෙමින් ඉන්ධන ආශ්‍රීත නිෂ්පාදන අලෙවි කිරීම් ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණයවීම එම පාඩුව වර්ධනය වීමට හේතුවකි. අමෙරිකානු ඩොලරයක මිල ඉහළයාම තවත් අවාසියකි. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සහ විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති ඉන්ධන වෙනුවෙන් මුදල් නොගෙවීම විශාලම හානියකි. ඉන්ධන තොග ගොඩබෑමේදී ප්‍රමාදයන් සිදුවු අතර ඒ සඳහාද එම සමාගම් වෙනුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවා ඇත.

ඛණීජ තෙල් සංස්ථාවේ සේවක අතිරික්තය අකාර්ක්‍ෂ්මතාව සහ ඉහළ වැටුප්ද පාඩුවට තවත් හේතුවකි. 2012 වසරේදී එම සංස්ථාවේ සේවකයන් සියල්ලට සිදුකළ සියයට 25 ක වැටුප් වැඩිකිරීම බරපතළ ගැටලුවකි. පිරිපහදු ඉන්ධන පමණක් ආනයනයට යොමුවීම අලාභය තීව්‍රකිරීමට හේතුවී තිබේ. ඉන්ධන ප්‍රවාහනයේදීද වැඩි ප්‍රවාහන වියදමක් දැරීමට සිදුවී තිබේ.

කෙසේ වුවත් ඉකුත් කාර්තුවේදී ලංකා අයී. ඕ. සී සමාගම විශාල ලාභයක් ලබා ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.