ප්‍රජාතන්ත්‍රවාදී නොවන දේශපාලනයට හා ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බව ජනපති අරගලකරුවන් හමුවේ පවසයි

Share Button

අරගලකරුවන් සහ තරුණ පරපුර සමග විනිවිධභාවයෙන් ක්‍රියාකිරිමට තමා සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි.

මේ වන විට ඇත්තේ ආර්ථික අරගලය ජයගැනිම වෙයි. අරගල භුමියේ සිටින සියලුදෙනා එම ආර්ථික අරගලයේ ජයග්‍රහනය සදහා සෑම අයුරකින්ම දායක කරගැනිම තම අපේක්ෂාව බව එතුමා කිවේය. ගාලුමුවදොර අරගලකරුවන්ගේ පාර්ශව කිහිපයක් සහ ජනාධිපතිතුමා අතර ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව කිවේය.

ප්‍රජාතන්ත්‍රවාදි නොවන දේශපාලනයට සහ ප්‍රචණ්ඩත්වයට තමන් විරුද්ධ බවත් මර්දනය වෙනුවෙන්ම ක්‍රියාකරන පිරිස් විශ්ව විද්‍යාල ක්‍රියාවලිය තුලින්ම නවක වදය නවතා යහපත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් ඉදිරිපත් විය යුතු බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කලේය.

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය කඩා වැටිමට ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදයයි. වර්ජන මතින් රටකට ඉදිරියට යා නොහැක. සාකච්ඡා තුලින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලිම් දිනාගන්නවා සේම රට වෙනුවෙන් කල යුතු කාර්යයන් ඉටුකිරිීම අත්‍යාවශ්‍ය වෙයි. සියලු අරගලකරුවන් නියෝජනය කරමින් යම් ප්‍රධාන කණ්ඩායමක් ගොඩනගා ගැනීම වැදගත්ය. ඊට සියලු ආගම් නියෝජනය මෙන්ම කාන්තා නියෝජනයද අවශ්‍ය වේ. තරුණ අවශ්‍යතා රජයේද අනුග්‍රහය සහිතව පවත්වාගෙන යාම සදහා කොළඹ කොටුවේ පාවෙන වෙළෙදසැල සහ තවත් ස්ථාන කිහිපයක් යෝජනා කරන බවද එතුමා කිවේය. ඒ වෙනුවෙන් විධිමත් යෝජනාවලියක් බහුතර අරගලකරුන්ගේ මැදිමත්විමෙන් සකස් කළ හැක.

හදිසි නීතිය ඉක්මනින් ඉවත් කිරිීම රටේ ආර්ථික හා සමාජිය ස්ථායිතාවට ද වැදගත්වෙයි. ජනසභා ඇති කිරීිම පිළිබදව පාර්ශව කිහිපයක් තමන් වෙත යෝජනා ඉදිරිපත් කර ඇති බවද ජනාධිපතිතුමා කිවේය. ලබන සතියේ ඊට අදාළ සාකච්ඡා පැවැත්වෙයි.

අරගලකරුවන් නියෝජනය කරමින් පැමිණි පිරිස ඉල්ලා සිටියේ සාමකාමී පොදුජන අරගලයට සම්බන්ධ අරගලකරුවන් සහ ක්‍රියාකරුවන් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනිම් නවතා දෙන ලෙසයි. මේ වන විට අරගල භුමියේ සිටින බොහෝ දෙනා ඉන් පිටතට යැමට බියව සිටින්නේ අත්අඩංගුවට ගැනිම් සිදුවන නිසා බව ඔවුහු පෙන්වා දුන්හ. තරුණ පරම්පරාව අසිමිත කැපවිමකින් මෙම අරගලය සිදුකල බවත් එහි සාධනිය ප්‍රතිඵල ව්‍යවස්ථානුකුලව ඇති කර ගැනිම අපේක්ෂාව බවත් ඔවුහු පැවසුහ.

ඉදිරියේදි පිහිටුවිමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරිීමට එකග නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා පවසයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිම පිළිබදව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන සංධානය සමග ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදීි එතුමා මේ බව කිවේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සියලු පක්ෂ වලට ආරාධනා කර ඇත. ඒ වෙනුවෙන් සාකච්ඡා ද දැන් පැවැත්වෙයි. සමගි ජන සංධානයේ සියලුදෙනා තමන් සමග එකට වැඩ කර ඇති බැවින් ගැටලුවක් ඇති නොවන බව එතුමා කිවේය.

මෙහිදිී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ලොකුම ප්‍රශ්නය ජනතාව මත දැඩි ආර්ථික බරක් පැටවිී තිබිම යැයි කීවේය. වර්තමානයේ රටේ ඇත්තේ අසාමාන්‍ය දේශපාලන තත්ත්වයකි. ඒ බව අවබෝධ කරගනිමින් සාකච්ඡා ඉදිරියට ගෙන යාමට සුදානම් බව ඔහු කිවේය.

දුෂණය තුරන් කිරිම අරගලයේ නිරත වු සියලුදෙනාගේ ඉල්ලිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රි ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් නිර්මාණය කිරිම ප්‍රයෝජනවත් දෙයක් නොවන බවද ඔහු පැවසීය.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම සමගි ජනබලවේගයේ තවත් මන්ත්‍රිවරු මෙම අවස්ථාවට එක්වුහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.