මල්ලවපොර කාන්තා ඉසව්වේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Share Button

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළලේ තවත් පදක්කමක් ශ්‍රී ලංකාවට දිනාදීමට කිලෝග්‍රූම් 57 බරපන්තියෙන් මල්ලවපොර කාන්තා ඉසව්වට සහභාගී වු නෙත්මි අහිංසා සමත්වුවාය.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී ඕස්ට්‍රේලියාවේ අයිරීන් සයිමෙනිඩ්ස් පරාජය කරමින් ලකුණු 10 ට බින්දුවක ජයක් වාර්තා කිරීමට ඇය සමත්වාවුය.

එය මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව දිනු සිව්වන පදක්කමයි. 18 හැවිරිදි ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කමක් දිනු ලාබාලතම ක්‍රිඩිකාවද වෙයි. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රිඩා උළෙලකදී ශ්‍රී ලංකාව දිනාගත් 24 වන පදක්කමයි.

මේ වනවිට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වන ස්ථානයේ පසුවෙයි. කිනම් හෝ පදක්කමක් දිනාගත් රටවල් සංඛ්‍යාව 35කි.

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වු මීටර් 400 පිරිමි ඉසව්වේ අවසන්පුර්ව තරගයට සහභාගී වු කාලිංග කුමාරගේ පත්වුයේ 7 වන ස්ථානයටයි. ඔහු තරගය අවසන් කලේ තත්පර 47කිනි. මේ නිසා ඔහුට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නොහැකි විය. නිලානී රත්නායක මීටර් තුන්දහස ස්ටීප්ලි චේස් අවසන් මහ තරගයේදී හිමිකර ගත්තේ 7 වන ස්ථානයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.