ව්‍යාජ අධ්‍යාපන වෙබ් අඩවි 40 ක් අවහිර කෙරේ
ව්‍යාජ අධ්‍යාපන වෙබ් අඩවි 40 කට පිවිසීම ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය අවහිර කර තිබේ.
අධ්‍යාපන ඇමති ජේසන් ක්ලෙයාර් පැවසුවේ මින් ඇතැම් වෙබ් අඩවි සදහා මාසයකට හාරලක්ෂ 50 දහසක් පමණ පිවිසුම් වාර සටහන්ව තිබු බවයි. සිසුන් අපරාධ සදහා යොමුකරවීම, කප්පම් ගැනීම වැනි දෑ වෙනුවෙන් සිසුන් පෙලඹවීමද මෙම වෙබ් අඩවි සදහා පැවැති චෝදනා අතරට අයත්ය.
2020 වසරේදී එරට සම්මත කළ නීතියක් අනුව වාණීජ කරුණු පදනම්ව වංචනික ක්‍රියා සිදුකිරීම අපරාධමය චෝදනා ගොනුකළ හැකි වරදක් වෙයි. ඉදිරියේදීි මෙවැනි තවත් වෙබ් අඩවි හදුනා ගැනීමට ඕස්ට්‍රේලියානු රජය සුදානමින් සිටී.