ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයන්ට වගකීම් පැවරේ

Share Button

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන්ට වගකීම් පැවරේ. ඒ අනුව විවිධ සංවර්ධන ආයතනවල තාක්ෂණික සහාය සමග එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මසක් තුළ ලබාදීමට කටයුතු කළ යුතුය.

මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර් එච් එස් සමරතුංග, විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ හිටපු ලේකම් එම් එම් සී ෆර්ඩිනැන්ඩු, ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරි ආචාර්ය සුසන්ත පෙරේරා, ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ, ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සහ වරාය නගර ආර්ථික කොමසමේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසුරිය, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසමේ හිටපු නීති උපදේශක ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන, නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති නිලධාරී නීතිඥ හර්ෂ ප්‍රනාන්දු සහ විදුලිබල අමාත්‍යංශයේ අධ්‍යක්ෂ චන්දන විජේසිංහ යන මහත්වරු මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.