සර්ව පාක්ෂික ජාතික වැඩසටහනකට සහය දෙන ලෙස ලංකා වානිජ මණ්ඩලයෙන් සියලුම මන්ත්‍රිවරුන්ට ඇරයුම්

Share Button

සර්ව පාක්ෂික ජාතික වැඩසටහනකට සහය දෙන ලෙස ලංකා වානිජ මණ්ඩලය සියලුම මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලා සිටි. දේශපාලන හේතු මත එසේ කිරිමට නොහැකි වුවහොත් රටේ හා ජනතාවගේ යහපත සදහා ආර්ථිකය සමාලෝ්චනය කිරිමේ ජාතික සැලැස්මකට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ දේශපාලන පක්ෂ එකගවිය යුතු බව ද එම මණ්ඩලය පෙන්වා දෙයි. නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට සුබ පැතුම් පිරිනැමීම සදහා ලංකා වානිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දි එතුමා හමුවු අවස්ථාවේ දි මේ බව සදහන් කර තිබේ. ආර්ථික කටයුතු සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිගයේ අභියෝගයට මුහුණ දිමට රජය ගන්නා උත්සහය ගුණවර්ධන මහතා මෙහිදි පැහැදිලි කළේය. වත්මන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිගය මෙන්ම සමාජ අස්ථාවරත්වය නිසා වෙළෙද සහ කර්මාන්ත ක්ෂේත්‍ර මුහුණ දි ඇති ගැටලු ඉවත් කිරිමට දරණ ප්‍රයත්න සදහා රජයේ උපරිම සහයෝගය ලබාදෙන බවට ද අග්‍රාමාත්‍යතුමා එම නියෝජිත පිරිසට සහතික විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.