මෙරට ක්ෂේත්‍ර ගණනාවක් සදහා නවසීලන්තයේ සහය
ශ්‍රි ලංකාවේ ක්ෂේත්‍ර ගණනාවක් සදහා සහය දිමට නවසීලන්තය එකගතාව පලකරයි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා අතර පැවැති සාකච්ඡාවක දි මේ බව දැනුම් දි තිබේ. දෙරට අතර සබදතා වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර පිළිබදව ද මෙම සාකච්ඡාවේ දි අවධානය යොමු විී ඇත. මුල්‍ය සහ ආර්ථික ප්‍රතිසංස්කරණ සදහා රජය ගෙන ඇති පියවර අග්‍රාමාත්‍යතුමා මෙහිදි විස්තර කර තිබේ. තදින් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරිමේ යෝජනාව ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් තාක්ෂණික සහයෝගය සැපයීමට නවසිීලන්තයට හැකි බව මහ කොමසාරිස්වරයා පවසා ඇත. මීට සම්බන්ධ වැඩමුලුවක් නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය සහ ඇඩ්වොකාටා ආයතනයේ අනග්රහයෙන් ලගදිම කොළඹ දි පැවැතවෙන බව ද ඇපල්ටන් මහතා සදහන් කර තිබේ.