මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් කුඹල් පෙරහර අද වීදි සංචාරය කරයි

Share Button

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් කුඹල් පෙරහර අද වීදි සංචාරය කරයි. රාත්‍රි 7 පසු වී විනාඩි 15 ට යෙදෙන සුබ නැකතින් දකුණු දිශාභිමුඛව පෙරහර පිටත්වී දළදා විදිය. යටිනුවර විීදිය ඔස්සේ රජ වීදිය පසුකර ගමන් කිරිමට නියමිතයි. පෙරහර නැරඹිමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සදහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පන්දහසක් පමණ නිලධාරින් රාජකාරිීයෙහි නිරත බව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්තර රත්නායක මහතා පවසයි. පෙරහර නැරඹිමට පැමිණෙන සියලු බැතිමතුන් අනිවාර්යයෙන් මුව ආවරණ පැළද පැමිණෙන්නැයි සෞඛ්‍ය බලධාරිහු ඉල්ලා සිටිති. මහනුවර නගර සීමාවේදී ද කොවිඩ් ආසාදිතයින් වාර්තා වන බැවින් රෝගය පැතිරිම වැලැක්වීම සදහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ මහතා පෙන්වා දෙයි. හෙට සිට රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන බැවින් එය නැරඹිමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සදහා ලංගම බස් රථ 160 ක් සේවයේ යොදවන බව ප්‍රාදේශිය ප්‍රධාන කළමනාකරු සනත් ප්‍රසන්න දෙල්අංග මහතා පවසයි. මහනුවර දුම්රිය ස්ථානාධිපති ආර් එම් ජී රත්නායක මහතා ප්‍රකාශ කළේ පෙරහර වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
මේ අතර කොළඹ වැල්ලවත්ත මයුරපති ශ්‍රි භද්‍රකාලි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යයේ එක් අංගයක් වු තේර් උත්සවය අද උත්කර්ශවත් අන්දමින් පැවැත්විණි. ඉතා අලංකාරව සැරසු වේල් කරත්තය වීදි සංචාරය කළ අතර කාවඩි ඇතුලු සංස්කෘතිකාංග ගණනාවක් මෙහිදි දක්නට ලැබිණි. මයුරපති ශ්‍රි භද්‍රකාලී අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ 35 වන වරටයි. එම මංගල්‍යය හෙට දිය කැපීමේ උත්සවයෙන් පසු අවසන් වීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Captcha loading...