යුක්රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් අභියස

Share Button

යුක්රේනයේ සැපොරිසහියා න්‍යෂ්ටික බලාගාරය ආශ්‍රිතව සිදු කෙරෙන හමුදා ක්‍රියාකාරකම් වහා අත්හිටුවන්නැයි එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය සියලු පාර්ශ්වවලට දැනුම් දෙයි. තවදුරටත් ප්‍රහාර සිදුවුවහොත් යුක්රේනය න්‍යෂ්ටික ඛේදවාචකයක් කරා ගමන් කිරීම කිසිසේත් වැලැක්විය නොහැකි බව එම ඒජන්සිය සඳහන් කරයි. යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන ඒ අසල සිදුවු රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරවලින් බලාගාරයට දැඩි හානි සිදුවී තිබෙ.් එහි බලධාරීන් පැවසුවේ විකිරණ කාන්දු වීමකට වුවද ඉඩ ඇති බවයි. පසුගිය මාර්තු මාසයේදී රුසියාව එම බලාගාරය අත්කර ගත්තේය. රුසියානු හමුදා එහි රැඳී සිටිමින් සාමාන්‍ය වැසියන් සිටින ප්‍රදේශවලට ප්‍රහාර එල්ල කරන බව යුක්රේනය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...