මහනුවර ඇසල පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද

Share Button

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද විීදි සංචාරය කරයි. අවසන් රන්දෝලි පෙරහර නිකිණි පුර පසලොස්වක පොහොය යෙදෙන ලබන බ්‍රහස්පතින්දා වීදි සංචාරය කිරීමට නියමිතයි. පසුදා ගැටඹේ තොටේ දී පැවැත්වෙන දිය කැපීමේ මංගල්‍යයෙන් හා දහවල් පෙරහරින් මෙවර ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත් වන බව ශි්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා කියයි. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් ක්‍රිෂාන්ත රත්නායක මහතා පැවසුවේ පෙරහර නැරඹිමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සදහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පන්දහසක පමණ නිලධාරින් පිරිසක් රාජකාරිීයේ යොදවා ඇති බවයි. පෙරහර නැරඹිමට පැමිණෙන සියලු බැතිමතුන් මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්යය බව සෞඛ්‍ය බලධාරිහු පවසති.මහනුවර නගර සීමාවෙන් කොරෝනා ආසාදිතයින් හඳුනා ගෙන ඇති බැවින් වයිරසය පැතිරිම වැලැක්වීම සදහා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු බව නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය පසන් ජයසිංහ මහතා පවසයි. පෙරහර නැරඹිමට පැමිණෙන ජනතාවගේ ගමන් පහසුව සදහා ලංගම බස් රථ 160 ක් ධාවනයට එක් කර ඇති බව ප්‍රාදේශිය ප්‍රධාන කළමනාකරු සනත් ප්‍රසන්න මහතා සඳහන් කරයි. මහනුවර දුම්රිය ස්ථානාධිපති ආර් එම් ජී රත්නායක මහතා පැවසුවේ පෙරහර වෙනුවෙන් අද සිට විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක බවයි.
ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසල පෙරහර මංගල්‍යයේ 10 වන පෙරහර අද විීදි සංචාරය කරයි.ගිනි පෑගීමේ මංගල්‍යය හෙට පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. අවසන් මහා පෙරහර නිකිණි පොහෝ දින වීදි සංචාරය කරන අතර පසුදා මැණික් ගගේ දිය කැපීමෙන් මෙවර පෙරහර මංගල්‍යය නිමාවට පත් වෙයි. මෙවරද පෙරහර චාරිත්‍රානුකුලව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න මහතා විධිවිධාන යොදා තිබෙ.් පෙරහර සමයේ නන් දෙසින් කතරගම පුද බිමට පැමිණෙන ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇතැයි මොණරාගල දිසා ලේකම් ගුණදාස සමරසිංහ මහතා කියයි.

මේ අතර උතුරු නැගෙනහිර පළාත්වල සිට පාද යාත්‍රාවෙන් පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ට යටිතල පහසුකම් සැපයීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් අනුව රුපියල් ලක්ෂ 20 ක මුදලක් වෙන් කර තිබෙ.් වාර්ෂික කතරගම ඇසල පෙරහර මංගල්‍යය සඳහා තිස් දහසකට අධික පිරිසක් උතුරු නැගෙනහිර පළාත්වල සිට පාගමනින් කතරගම පුදබිමට පැමිණීම අතීතයේ සිට සිදු වෙයි.
දෙවිනුවර උත්පලවන්න ශ්‍රිී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසල පෙරහර මංගල්‍යයේ 3 වන පේලි පෙරහර අද වීදි සංචාරය කරයි. ලබන 19 වැනිදා රාත්‍රියේ කෝල්මුර යාගය පවත්වා පසුදින සිදු කෙරෙන දේව දානයෙන් මෙවර ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත් වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...