චීනයේ තායිවාන මුහුදේ නව යුද අභ්‍යාසයක්

Share Button

චීනයේ තායිවාන මුහුදේ නව යුද අභ්‍යාසයක් අරඹයි. මුහුදු මෙහෙයුම් ඇතුඵ මෙහෙයුම් රැසක් එම අභ්‍යාසයට ඇතුළත් බව චීන ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබේ.

ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ කථානායකවරියගේ තායිවාන සංචාරයට විරෝධය පළ කරමින් චීනය දින හතරක් තායිවාන මුහුදේ ක්‍රියාත්මක කළ යුද අභ්‍යාසය ඊයේ අවසන් විය. තායිවානය පවසන්නේ තම රට ආක්‍රමණය කිරීම අරමුණින් චීනය මෙම අභ්‍යාස සිදුකරන බවයි.

එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව හා ජපානය මෙම යුද අභ්‍යාස තරයේ හෙළදැක තිබේ. චීනය තායිවානය තම රටට අයත් ප්‍රදේශයක් ලෙස සලකයි. එම ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කරන රටවලට චීනයේ විරෝධය පළවී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...