මහනුවර සිව්වැනි රන්දෝලි පෙරහර අද

Share Button

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යයේ සිව්වැනි රන්දෝලි පෙරහර අද විීදි සංචාරය කරයි. අවසන් රන්දෝලි පෙරහර නිකිණි පුර පසලොස්වක පොහොය යෙදෙන හෙට වීදි සංචාරය කරයි. පසුදා ගැටඹේ තොටේ දී පැවැත්වෙන දිය කැපීමේ මංගල්‍යයෙන් හා දහවල් පෙරහරින් මෙවර ඇසල පෙරහර මංගල්‍යය නිමාවට පත් වන බව ශි්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදිප් නිලංග දෑල මහතා කියයි.
ඵෙතිහාසික රුහුණු කතරගම ඇසල පෙරහර මංගල්‍යයේ 13 වැනි දිනය අදයි. පෙරහර රාත්‍රි 08.00 පමණ ආරම්භ වෙයි. උඩරට පහතරට සබරගමුව හා රුහුණට ආවේනික නර්තන කණ්ඩායම් හා අලි ඇතුන්ගෙන් පෙරහර අලංකාරවත් වෙයි. අවසන් රන්දෝලි මහ පෙරහර හෙට වීදි සංචාරය කරයි. පසුදා උදෑසන කතරගම මැණික්ගගේ දිය කැපිමෙන් ඇසල පෙරහර නිමාවට පත්වන බව රුහුණු කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.

Captcha loading...